Home ප්‍රදාන පුවත් අමරපුර - රාමඤ්ඤ මහා සංඝ සභාවේ 20ට එරෙහි නිවේදනයට සමගියේ ප්‍රණාමය!

අමරපුර – රාමඤ්ඤ මහා සංඝ සභාවේ 20ට එරෙහි නිවේදනයට සමගියේ ප්‍රණාමය!

Author

Date

Category

විශේෂ නිවේදනය

ආණ්ඩුව විසින් ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනය කෙරෙහි සමගි ජන බලවේගයේ සුවිශේෂී අවධානය යොමුවූ බව අවධාරණය කරමු.

ආණ්ඩුව විසින් ස්වකීය බලලෝබී උවමනාව සහ ඒකාධිපති අවස්‍ථාවාදය මුල්කරගෙන, ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව කතිකාව කරලියට පැමිණි මොහොතේ සිටම සමගි ජනබලවේගය ඊට කොන්දේසි විරහිතව එරෙහිවූ අතර ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එය පරාජය කිරීම උදෙසා සක්‍රීය කඳවුරක් බවට විපක්ෂය පත් කිරීමට කටයුතු කළෙමු.

ගරුකටයුතු මහා සංඝරත්නය නිරන්තරයෙන්ම මේ රටට එරෙහිව අනතුර පැමිණෙන සෑම මොහොතකම එය ආපසු හරවන්නට කටයුතු කළ ඉතිහාසය අද නැවත වරක් ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනය තුලින් ගම්‍ය වේ.

එකී නිවේදනයේ සියලු කරුණු කෙරෙහි අපගේ දැඩි ගෞරවය ප්‍රමුඛ අවධානය යොමු කළ අතර ඒකාධිපති විසිවෙනි සංශෝධනය පරාජයට පත්කිරීමේ ගමන තවදුරටත් ශක්තිමත් කිරීමට ධෛර්යය හා අධිෂ්ඨානය අප ඒ තුලින් ලද බවත්, මේ උතුම් දේශයේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අපගේ ගමන තව තවත් ශක්තිමත් කරන බවත් අවධාරණය කරමු.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

අමරපුර – රාමඤ්ඤ මහා සංඝ සභාවේ 20ට එරෙහි නිවේදනයට සමගියේ ප්‍රණාමය!

විශේෂ නිවේදනය ආණ්ඩුව විසින් ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා...

ක්‍රිකට් තරඟය පැරදුනා කියා දෝනි ගේ පස් හැවිරිදි දියණිය දූෂණය කරන බවට තර්ජනය කරයි.

පසුගිය අගහරුවාදා පැවති තරගයේ දී එම්.එස්. දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, කල්කටා නයිට් රයිඩර්ස් පිලට පරාජය වීමෙන් පසුව, දෝනීගේ පස්...

විමල් තනියෙම ඉල්ලුවොත් චන්ද 5000ක් වත් ගන්න බෑ. මහින්ද පතිරණ.

බැසිල් රාජපක්ෂ මහතාගේ සමිපතම හිතවතෙකු වන මහින්ද පතිරණ මහතා අද දින සිය ෆේස්බුක් ගිණුමේ පල කරන ලද සටහන පහතින් දැක්වේ.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් 20 ගැන හදිසි රැස්වීමක්

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට අද (09) සවස 3.00ට අරලියගහ මන්දිරයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබේ. එය ජනාධිපති...

Recent comments