Home Uncategorized කූඨ නාටක දෝණි ගැන චම්පික කියයි. (Video)

කූඨ නාටක දෝණි ගැන චම්පික කියයි. (Video)

Author

Date

Category

පසුගිය ජනාධිපතිවරණය සමයේ කොටුවේ අබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයක් අසලට පැමිණ මේවා දෙස බැලිමේදි තමන්ට කටුවකින් අනිනවා වගේ යැයි ප්‍රකාශයක් සිදු කල තරුණිය පිලිබද මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රශ්නයකට පිලිතුරු ලබා දුන් චම්පික රණවක මහතා ප්‍රකාශයක් කලේය. අදාල දෝණිය රගපෑමක් කරන බව තමන් දන්නා බවත්, ඇය පිටුපස සිටි අය කවුදැයි දන්නා බවත්ය. එම සම්පූර්ණ ප්‍රකාශය ඇතුලත් විඩියෝව පහතින්,

අදාල තරුණිය පිලිබද තරුණ මාධ්‍යවේදි රසික ජයකොඩි මහතා තම ෆේස්බුක් ගිණුමේ පල කෙරුණු ජායාරුපය සහ සටහන පහතින්. අදාල තරුණිය සමග ජායාරූපයට පෙනි සිටින මිලින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරනු ලබන කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකි.(ජායාරූපයේ දකුණු පස කෙලවර.)

මේ පින්තූරයේ මැද සිටින්නේ පොහොට්ටුවේ මගේ මිත්‍රයා මිලින්ද රාජපක්ෂ වන අතර එහි දකුණු කෙළවරේ සිටින්නේ පසුගිය ජනාධිපතිවරණයට පෙර ආබාධිත රණවිරු උපවාසයට ගොස් මහත් වේදනාවෙන් වොයිස් කට් දුන් ගෑනු ළමයා ය.

මේ ගෑනු ළමයා ‘වැඩ කරන අපේ විරුවා’ සින්දුවේ තාලයට කේක් කැපූ වීඩියෝව මේ වන විට ප්‍රසිද්ධියට පත් වී ඇති අතර මේ පින්තූරයෙන් තහවුරු වන්නේ ඇය පිටුපසින් නූල් මෙහෙයවා ඇත්තේ කවුරුන් විසින් ද යන්නයි.

පසුගිය ජනාධිපතිවරණය යනු ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ ඉතාම කැත සහ සාහසික ලෙස ගරිල්ලා මාකටින් උපක්‍රම ක්‍රියාවට නැංවුණු මැතිවරණයයි. ඒ පිටුපස දැවැන්ත ධන බලයක් මෙන් ම මාධ්‍ය බලයක් ද ක්‍රියාත්මක විය.

මේ ගෑනු ළමයා එම සාහසික ව්‍යාපෘතිය තුළ එක පුංචි ඉත්තෙක් පමණක් විය හැකිය. තවත් මෙවැනි බොහෝ තරුණ තරුණියන් අනාගතයේ දී මෙබඳු ව්‍යාපෘතිවල ඉත්තන් බවට පත් වෙනු ඇත.

මේ පින්තූරය දැකීමෙන් මා පුදුමයට පත් නොවූයේ දේශපාලනය හැසිරවෙන විදිය ගැන මට යම් අවබෝධයක් ඇති නිසා ය. එහෙත් මට දුක හිතුණේ මේ අය මහන්සි වී තිර පිටපත් ලියා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට බලා ඇත්තට ම ‘රණවිරුගාය’ හදාගත් අය ගැන ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

අමරපුර – රාමඤ්ඤ මහා සංඝ සභාවේ 20ට එරෙහි නිවේදනයට සමගියේ ප්‍රණාමය!

විශේෂ නිවේදනය ආණ්ඩුව විසින් ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා...

ක්‍රිකට් තරඟය පැරදුනා කියා දෝනි ගේ පස් හැවිරිදි දියණිය දූෂණය කරන බවට තර්ජනය කරයි.

පසුගිය අගහරුවාදා පැවති තරගයේ දී එම්.එස්. දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, කල්කටා නයිට් රයිඩර්ස් පිලට පරාජය වීමෙන් පසුව, දෝනීගේ පස්...

විමල් තනියෙම ඉල්ලුවොත් චන්ද 5000ක් වත් ගන්න බෑ. මහින්ද පතිරණ.

බැසිල් රාජපක්ෂ මහතාගේ සමිපතම හිතවතෙකු වන මහින්ද පතිරණ මහතා අද දින සිය ෆේස්බුක් ගිණුමේ පල කරන ලද සටහන පහතින් දැක්වේ.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් 20 ගැන හදිසි රැස්වීමක්

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට අද (09) සවස 3.00ට අරලියගහ මන්දිරයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබේ. එය ජනාධිපති...

Recent comments