Home උනුසුම් පුවත් ගෝඨාභය ඉවරයි. ගෝඨා තවම ඇමරිකනු පුරවැසියෙක්. ඇමරිකාව අද (15) නිළ වශයෙන්...

ගෝඨාභය ඉවරයි. ගෝඨා තවම ඇමරිකනු පුරවැසියෙක්. ඇමරිකාව අද (15) නිළ වශයෙන් කියයි.

Author

Date

Category

ගෝඨාභය තමන් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත්තා යැයි කියමින් මෙතෙක් මුළු රටටම පෙන්වූ ගෝනි සෙල්ලම අහවර කරමින් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ලිපියක් මගින් ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කිරීම සම්පූර්ණ නොමැති බවත් ඔහු පෙන්වන සහතික ව්‍යාජ ඒවා බවත් ප්‍රකාශ කර තිබේ.

හදිසි කාරණාවක් ලෙස සඳහන් කරමින් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ ජාතික ආරක්ෂක කොට්ඨාශයේ නීති සහ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී ක්‍රිස්ටෝපර් හාඩී විසින් මෙකී ලිපිය නොවැම්බර් 11 දින යොමු කර ඇත්තේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ පුරවැසි සේවයේ අධ්‍යක්ෂ වරයා වෙත ය.

ඒ මගින් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ අයැදුම්පත කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට අප්‍රියෙල් 17 දා බාර දී ඇති බවත් ඒ අයැදුම්පත තානාපති කාර්යාලය විසින් ඇමරිකානු ජාතික ආරක්ෂක කොට්ඨාශයේ ගිනිකොණ දකුණ සහ මධ්‍යම ආසියාව බාර කොට්ඨාශය වෙත යොමුකර ඇති නමුත් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය ඉවත් කිරීම අවසන් වී නැති බවත් අවධාරණය කරයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ පුරවැසි සේවය විසින් නිකුත් කළා යැයි කියමින් ‘ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමේ සහතිකයක්’ විශාල වශයෙන් අන්තර්ජාලයේ මෙන්ම ගෝඨාභයගේ ජනාධිපතිවරණ නියෝජිතයින් විසින් බෙදාහරින නමුත් එය ව්‍යාජ සහතිකයක් බවත් ක්‍රිස්ටෝපර් හාඩී සඳහන් කරයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ගෝඨාභයගේ පුරවැසිභාවය ඉවත් කිරීම පිළිබඳ කිසිදු ඉල්ලීමක් ‌‌මෙතෙක් ඇමරිකානු අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලැබී නොමැති බවත් අසාමාන්‍ය ඉල්ලීමක් කළ විටක දී වුව ඒ සඳහා අවශ්‍ය හේතු සහ උපදෙස් ලබා දිය යුතු නමුත් එවැන්නක් සිදුව නැති බවත් ක්‍රිස්ටෝපර් හාඩි පවසයි.

දැනට අයැදුම්කර තිබෙන ගෝඨාභයගේ පුරවැසිභාවය අත්හැරීම පිලිබඳ විවිධ රාජ්‍ය ආයතන සිදුකරමින් තිබෙන ක්‍රියාවලියට ඉහත කී ව්‍යාජ සහතිකය බාධාවක් වී තිබෙන බැවින් එකී ක්‍රියාවලිය වහාම අත් හිටුවන ලෙසද ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ ජාතික ආරක්ෂක කොට්ඨාශයේ නීති සහ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී ක්‍රිස්ටෝපර් හාඩී රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විදේශ පුරවැසි සේවයේ අධ්‍යක්ෂ වරයාට දන්වා තිබේ.

මේ අනුව මෙතෙක් කල් ගෝඨා පෙන්වූ ගෝනි සෙල්ලම බොරුවක් බව ඇමරිකාව විසින් නිල වශයෙන්ම අද අවධාරණය කර තිබේ. ඔහු ඇමරිකානු පුරවැසියෙකි. ඔහුට මේ ඡන්දයට ඉදිරිපත් විය නොහැකිය. ඔහු අද ඉල්ලා අස්විය යුතුය. නැතහොත් ඔහු ව්‍යාජ සහතික ‌පෙන්වමින් රට මුලා කිරීමට එරෙහිව ලංකාවේ ‌මෙන්ම ඇමරිකාවේ ද ‌වෙනම නඩුවලට මුහුණ දීමට සිදුවනු ඇත.අදාල ලිපිය මේ සමග දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (18) සිට 27 වනදා දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.ඒ අනුව මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පොත්...

සියැටල් සහ මෙරට වන විනාශය. චමිත් විජේසුන්දර.

” මෙම ජීවන ජාලයට යම් බලපෑමක් කරයි ද, හෙතෙම එය තමන්ට ම සිදුකරගත්තා වේ” සහ  “දිගින් දිගටම ඔබ සැතපී සිටින මේ යහන...

20 සම්මත වෙන්න දෙන්න එපා. විගණන නිළධාරීන් සජිත්ගෙන් ඉල්ලයි.

අද දින(17) ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ විධායක කමිටු සමාජිකයන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව මුණ ගැසිණි.ඊට අදාලව විපක්ෂ නායක සජිත්...

හිරු, දෙරණ සහය රුවන්ට. මහින්ද පොරොන්දු වේ.

හිරු, දෙරණ සහය රුවන්ට. මහින්ද පොරොන්දු වේ. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරට පත් රුවන් විජේවර්ධන මහතා හට හිරු,...

කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් නම් කෙරේ

පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින් තෝරා පත් කර...

Recent comments