Home උනුසුම් පුවත් ඡන්දය සලකුණු කිරීමට තමන්ගේම පෑනක් භාවිත කළ හැකියි – මැතිවරණ කොමිෂන් සභාව

ඡන්දය සලකුණු කිරීමට තමන්ගේම පෑනක් භාවිත කළ හැකියි – මැතිවරණ කොමිෂන් සභාව

Author

Date

Category

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද දායකයින්ට ඡන්දය සලකුණු කිරීම සඳහා, අවශ්‍යනම් තමන්ගේම පෑනක් භාවිත කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.එම කොමිසම සඳහන් කළේ, එම පෑන නිල් හෝ කළු පැහැති බෝල තුඩු පෑනක් විය යුතු බවයි.ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් වන රියැදුරු බලපත්‍රයේ වලංගු කාලය ඉකුත්වී තිබුණ ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් එවැනි බලපත්‍ර වලංගු කර ගැනීමට දී ඇති සහන කාලය ඉකුත්වී නැති රියැදුරු බලපත්‍ර, ඡන්දය භාවිත කිරීමට සුදුසු බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.මෙවර මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනු ඇත.ඒ අනුව, ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම, වතු රැස්වීම් හෝ නිවාස තුළ රැස්වීම් පැවැත්වීම, ඡන්ද ආයාචනය කිරීම සඳහා ගෙයින් ගෙට යෑම, අත් පත්‍රිකා බෙදීම, නියෝජිත ශාඛා කාර්යාලවල ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම සහ පෝස්ටර්, දැන්විම්, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

නවීන් දිසානායකගේ නුවර එළියේ සියලු බලකණු සමගි ජන බලවේගය සමග එක්වේ. (Photos)

නවීන් දිසානායකගේ නුවර එළියේ සියලු බලකණු සමගි ජන බලවේගය සමග එක්වේ. එක්සත් ජාතික පක්ෂයේ නුවර එළිය දිස්ත්‍රික් අපේක්ෂක නවීන්...

අලියාගෙන් මාතරට ඉල්ලන ලැයිස්තුවේ තුන් වෙනියාත් පොහොට්ටු පක්ෂයට යයි.චන්දෙන් පස්සේ රනිලුත් යන බව කියයි.

මාතර දිස්ත්‍රික්කය සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග වදින, අචිර ඉලංගමගේ, පොහොට්ටු පක්ෂයට සහාය පල කිරීම සදහා එජාපය අත් හැර ගොස්...

ඡන්දය සලකුණු කිරීමට තමන්ගේම පෑනක් භාවිත කළ හැකියි – මැතිවරණ කොමිෂන් සභාව

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද දායකයින්ට ඡන්දය සලකුණු කිරීම සඳහා, අවශ්‍යනම් තමන්ගේම පෑනක් භාවිත කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.එම...

රත්නපුර දිස්ත්‍රික් පොහොට්ටුවේ අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම...

Recent comments