Home Uncategorized දයා පරල වෙයි. බිරිදගේ මන්ත්‍රී ධූරය අනතුරේ

දයා පරල වෙයි. බිරිදගේ මන්ත්‍රී ධූරය අනතුරේ

Author

Date

Category

ඊයේ දිනයේ උදෑසනම ඇමති දයා ගමගේ ඇමතු රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස ඇතුලු කණ්ඩායමෙන් තමන්ගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් යම් විවාදාත්මක තත්වයක් මතුව ඇති සමයක දයා ගමගේ වන ඔබ නිහඩව සිටින්නේ මන්දැයි ප්‍රශ්න කර ඇත. එහිදි කිසිවක් නොකියා නිහඩව සිටි දයා ගමගේ ගෙන් නායක රනිල් ප්‍රශ්න වැලක් අසා ඇති බවට හරි පුවත් වෙත වාර්ථා වේ.

එනම් ඔබට කරන ගෞරවයක් ලෙස මා විසින් ඔබගේ බිරිදට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකුත්, පක්ෂයේ ලක්වනිතා පෙරමුණේ ඉහල තනතුරකුත් ලබා දුන්නේ යැයි ඔබට මතකදැයි විමසා ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙතෙම තමන්ගේ සකල විධ ව්‍යාපාර කටයුතු වලට ද එකල සිටම තමන් විසින් ලබා දුන් සහයෝගය අමතක දැයි ද මෙහිදි විමසා ඇත.

කලක සිට එජාපයේ සිහින ජනාධිපති ලෙස ප්‍රකට සජිත් ප්‍රේමදාස හට දයා ගමගේ විසින් රහසිගතව උපකාර කරන බවට දේශපාලන කේෂ්ත්‍රයේ නොරහසකි. නමුත් දයා ගමගේ යන මිනිසා දේශපාලන චරිතයක් ලෙස ගොඩ නැගුවේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ විසිනි. බොහෝ දෙනා පවසන්නේ දයා ගමගේ හට මුල අමතක ව ඇති බවත්, දයා ගමගේ ද එජාපයේ කල්ලිවාදයට නතුව ඇති බවත්ය.

නායක රනිල් වහාම දයා ගමගේගේ බිරිදට ලබා දුන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පිලිබදව තීරණයක් ගත යුතු බවට පක්ෂ නායක රනිල්ට ඔහුගේ සමීපතමයන් මෑතක සිට බලපෑම් එල්ල කරන බවටද අපහට තොරතුරු වාර්ථා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

අමරපුර – රාමඤ්ඤ මහා සංඝ සභාවේ 20ට එරෙහි නිවේදනයට සමගියේ ප්‍රණාමය!

විශේෂ නිවේදනය ආණ්ඩුව විසින් ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා...

ක්‍රිකට් තරඟය පැරදුනා කියා දෝනි ගේ පස් හැවිරිදි දියණිය දූෂණය කරන බවට තර්ජනය කරයි.

පසුගිය අගහරුවාදා පැවති තරගයේ දී එම්.එස්. දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, කල්කටා නයිට් රයිඩර්ස් පිලට පරාජය වීමෙන් පසුව, දෝනීගේ පස්...

විමල් තනියෙම ඉල්ලුවොත් චන්ද 5000ක් වත් ගන්න බෑ. මහින්ද පතිරණ.

බැසිල් රාජපක්ෂ මහතාගේ සමිපතම හිතවතෙකු වන මහින්ද පතිරණ මහතා අද දින සිය ෆේස්බුක් ගිණුමේ පල කරන ලද සටහන පහතින් දැක්වේ.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් 20 ගැන හදිසි රැස්වීමක්

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට අද (09) සවස 3.00ට අරලියගහ මන්දිරයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබේ. එය ජනාධිපති...

Recent comments