Home උනුසුම් පුවත් සජිත්ට ලැබුණු සල්ලි වලට මොකද වුණේ? ප්‍රේමදාස පවුල ඉලක්ක කොටගත් එජාප රෝයල්...

සජිත්ට ලැබුණු සල්ලි වලට මොකද වුණේ? ප්‍රේමදාස පවුල ඉලක්ක කොටගත් එජාප රෝයල් කල්ලියේ අලුත්ම මඩ මෙහෙයුම.

Author

Date

Category

රනිල් වික්‍රමසිංහ ඇතුලු එජාප රෝයල් කල්ලිය එදා සිටම සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ දේශපාලන ව්‍යාපාරය පිළිබදව බද්ධ වයිරයෙන් පසු වූ බවත් ඊට අකුල් හෙලු බවත් කිසිවෙකුට හෝ රහසක් නොවේ.

පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වසර 3ක සිට තම ජනාධිපතිවරණ සටන මෙහෙයවන විට සජිත් ප්‍රේමදාස මහතා හට අවසාන මොහොතේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙමින් එ මහතාගේ මැතිවරණය ව්‍යාපාරය දින 35කට සීමා කරන්නට කටයුතු කරනු ලැබුවේ ද ඉහත කී රනිල් ඇතුලු රෝයල් නඩයයි. එ සජිත් ප්‍රේමදාස මහතා පරාජය කරවීමේ අරමුණෙනි.

ජනාධිපතිවරණ සටනට පෙරත්, එහි ආරම්භයේ සිට සහ අතරමගදි මෙන්ම ඉන් පසුවත් රනිල් ඇතුලු රෝයල් කල්ලිය ක්‍රියා කලේ සහ අදටත් ක්‍රියා කරමින් සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතාටත් ඔහුගේ පවුලේ සමීපතමයන්ට සහ දේශපාලන සහකරුවන් හට විවිධ මඩ ප්‍රහාර එල්ල කිරිමටත් සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ පිරිස දේශපාලන තුල අතරමං කරවීමටත්ය.

රටේ සහ එජාපයේ අවාසනාවට රෝයල් කල්ලියේ බලාපොරොත්තු සඵල වූවේය. එනම් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූවේය. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත් කිරිම සදහා ඔහුට තම මැතිවරණ ව්‍යාපාරය කරගෙන යාමට හැකි දින ගණන සීමා කිරිමේ සිට එ මහතා හට එජාප පක්ෂ නායකත්වය ලබා නොදීම, මැතිවරණ ව්‍යාපාරයට ලැබුණු අරමුදල් සගවාගෙන සිටීම, එජාප නායක රනිල් මැතිවරණ සටන අතර මගදි ‘සජිත් ජනාධිපති වුනත් මමයි අගමැති’ යනාදි ප්‍රකාශ නිකුත් කිරීම, නායක රනිල්ගේ සොහොයුරාට අයත් TNL නාළිකාව මගින් සජිත් ප්‍රේමදාස මහතා හට පහර පිට පහර ගැසීම, පක්ෂ යාන්ත්‍රණය හිතා මතා දුර්වල කරවීම යනාදිය ක්‍රියාමාර්ග රනිල් ඇතුලු කල්ලිය විසින් ගන්නා ලදී.

දැන් මේ සියලු කුමන්ත්‍රණ සහ යටි කූට්ටූ වැඩ පිළිබදව මෙරට ජනතාව සහ විශේෂයෙන් පාක්ෂිකයා දැනුවත් වී හමාරය. විය යුතු පරිද්දෙන්ම රනිල් ඇතුලු රෝයල් කල්ලිය හට පාක්ෂිකයා වෙත යාමට නොහැකි තත්වයක් උදා වී ඇත. එම නිසා එකී අපවාදයෙන් සහ ශාපයෙන් ගැලවීමට පාක්ෂිකයා නොමග යැවිය යුතුය . එ සදහා බොරු මතයක් නිර්මාණයක කළ යුතුය. එ සදහා සංවිධානාත්මකව කටයුතු කල යුතුය.

සිරිකොතෙන් මුදල් ලබා නොදි මැතිවරණ ව්‍යාපාරය අඩපණ කරවීම

ලක් ඉතිහාසයේ රාජ්‍ය සේවකයා හට හරි හැටි මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය වත් තැපැල් කරවා ගැනිමට නොහැකි අපේක්ෂකයා වුයේ සජිත් ප්‍රේමදාස මහතාය. ඊට හේතුව වූයේ මුදල් නොමැති කම නිසා නිසි කළට වේලාවට ප්‍රතිපත්ති ප්‍රකාශය මුද්‍රණය කරවා ගැනීමට නොහැකි වීමයි. සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ප්‍රධාන ස්ථාන 2ක සිට මෙහෙයවනු ලැබීය. එනම් සිරිකොත සහ වෝක්ෂෝල් වීදියේ පිහිටුවන ලද කාර්යාලයි. මෙහිදි වෝක්ෂෝල් කාර්යාලය මගින් විය පැහැදම් කරන ලද්දේ සිරිකොත මගින් එවන ලද මුදල්ය. අරමුදල් එකතු කිරිමේ මධ්‍යස්ථානය වූයේ සිරිකොත පක්ෂ මූලස්ථානයයි. එහි ප්‍රධාන භාරකරුවන් වූයේ පක්ෂ නායක රනිල් සහ හිටපු අමාත්‍ය මලික් සරවික්‍රමය.

එසේ සිරිකොත මගින් වෝක්ෂොල් කාර්යාලයට එවන ලද මුදල් වියදම් කිරීම පමණක් වෝක්ෂෝල් කාර්යාලය මගින් සිදුවිය. නමුත් සිරිකොත මගින් හරි හැටි වෝක්ෂෝල් කාර්යාලය වෙත මුදල් නොලැබුණු තත්වයක් තුල සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරය තනිකරම අඩපණ විය. එය තනිකරම කුමන්ත්‍රණයකී. මුදල් හිර කිරීම මගින් සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය හිතාමතාම කඩා කප්පල් කිරිම රනිල් ඇතුලු රෝයල් නඩයේ තවත් උපාය මාර්ගයක් විය.

ජලනී සල්ලි පිල්ලි ගැසීම සහ අන්තර්ජාල මඩ මෙහෙයුම.

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් මුදල් නොලැබුන බව මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වූණු ගාමක බලවේග අද එළිපිට ප්‍රකාශ කරයි. ලැබුණු සල්ලි වලට මොකද වුනේ ? ඇයි සජිත් මහත්තයට පක්ෂයෙන් සල්ලි නොදුන්නේ? ආදී වශයෙන් පාක්ෂිකයන් විමසයි. දැන් මෙවා සදහා රෝයල් නඩය පිළිතුරු සෙවිය යුතුව ඇත. එ සදහා ඔවුන් නිර්මාණය කරන ලද කතන්දරය වූයේ සිරිකොත පක්ෂ මූලස්ථානයෙන් වෝක්ෂෝල් වීදියේ කාර්යාලය හට මුදල් යැවු බවත් සජිත් ප්‍රේමදාසගේ බිරිද ජලනි ප්‍රේමදාස විසින් එම මුදල් යටිමඩි ගසා කොළඹ හතෙන් ගෙවල් සහ ඉඩම් ගත් බවත්, ඉතුරු මුදල ඇගේ බැංකු පොතේ දමා ගත් බවත්ය. මෙවැනි විහිලු සගහත කතන්දර හුදි ජනයා විශ්වාස කරනු ඇතැයි සිතන තැනට නායක රනිල් ඇතුලු එජාපයේ රෝයල් කල්ලිය වැටි තිබේ. මෙලොව කිනම් හෝ බිරිදක් තම ස්වාමි පුරුෂයාගේ මැතිවරණ ජයග්‍රාහණය සදහා වියදම් කිරිමට ඇති මුදල් යටි මඩි ගසා ඔහුව පරද්දන තැනට වැඩ කර ඇති බවට මඩ වෙබ් අඩවි හරහා පුවත් පළ කරවීමට තරම් රනිල් ඇතුලු එකී රෝයල් නඩය අසරණ භාවයට පත්ව ඇති තරම්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (18) සිට 27 වනදා දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.ඒ අනුව මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පොත්...

සියැටල් සහ මෙරට වන විනාශය. චමිත් විජේසුන්දර.

” මෙම ජීවන ජාලයට යම් බලපෑමක් කරයි ද, හෙතෙම එය තමන්ට ම සිදුකරගත්තා වේ” සහ  “දිගින් දිගටම ඔබ සැතපී සිටින මේ යහන...

20 සම්මත වෙන්න දෙන්න එපා. විගණන නිළධාරීන් සජිත්ගෙන් ඉල්ලයි.

අද දින(17) ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ විධායක කමිටු සමාජිකයන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව මුණ ගැසිණි.ඊට අදාලව විපක්ෂ නායක සජිත්...

හිරු, දෙරණ සහය රුවන්ට. මහින්ද පොරොන්දු වේ.

හිරු, දෙරණ සහය රුවන්ට. මහින්ද පොරොන්දු වේ. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරට පත් රුවන් විජේවර්ධන මහතා හට හිරු,...

කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් නම් කෙරේ

පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින් තෝරා පත් කර...

Recent comments