Home Uncategorized මාස 7ක් වයසැති බිලිදෙකුගේ දිවි බේරා ගැනීමට මවක් උදව් ඉල්ලයි

මාස 7ක් වයසැති බිලිදෙකුගේ දිවි බේරා ගැනීමට මවක් උදව් ඉල්ලයි

Author

Date

Category

මාස හතක් වයසැති තම බිලින්දාගේ ජිවිතය ශෛල්‍යයකර්මයක් සිදු කර බේරා ගැනිමට ඉදිරිපත් වන ලෙස නාවලපිටිය වැවේගම ප්‍රදේශයේ පදිංචි නයනි කුමාරි තිදරු මව ඉල්ලා සිටියි.

හිරුන් සංජන අබේසේකර තම සිගිත්තා නාවලපිටිය මුලික රෝහලේදි උපත ලබා ඇති අතර උපතේදිම සිගිත්තාගේ ගෙල නාලය සහ සුසුම්නාව බද්ධ වි තිබු නිසා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂ ළමා රෝහලේදි ශෛල්‍යයකර්මයක් සිදු කර ඇත.

සිදු කළ ශෛල්‍යයකර්මයෙන් පසු ගල නාලය අගල් 1 ½ කින් අඩු නිසා සිගිත්තාට කිරි සහ ආහාර ලබාදෙනු ලබන්නේ බට නලයක් ආධාරයෙණි.

එම සිගිත්තාට වකුගඩු අක්‍රිය විම ඇතුළු තවත් රෝග කිහිපයක් සම්බන්ධයෙන් පේරාදෙනිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂ ළමා රෝහලට සහ මහනුවර ශික්ෂන රෝහලේ සායන කටයුතු සඳහා මසකට සිව්වතාවක් එහි යාමට සිදු වන බව සිගිත්තාගේ මව පවසයි.

තම සැමියා කොළඹ ප්‍රදේශයේ කොන්ත්‍රාත් පදනම මත ඇගළුම් සම්බන්ධ රැකියාවක නිරතව සිටින බවත්,  තමන්ට පාසල් වියේ පසුවන අවුරුදු 15 ක දැරියක් සහ අවුරුදු 5 පමණ වයසැති පිරිමි දරුවෙකුද සිටින බැවින් සිගිත්තාගේ වෛද්‍ය ප්‍රථිකාර නිසි ආකාරව සිදු කර ගැනීමට නොහැකි බව ඇය පැවසීය.

ආර්ථික වශයෙන් ගැටළු රැසකට මැදි වි සිටින නයනි කුමාරි  මහත්මිය කියා සිටින්නේ තම සිගිත්තාගේ රෝගි තත්ත්වය අනුව කිරි සහ ආහාර ලබා දිමේදි දරුවා දැඩි වේදනාවෙන් පසුවන බවයි.

දරුවාගේ මිලග ශෛල්‍යයකර්මය පොරොත්තු ලේකනය අනුව තවත් වසර දෙකකින්  මහනුවර ශික්ෂණ රෝහලේදි සිදු කිරිමට වෛද්‍යවරුන් දින ලබා දි ඇති බවත්, ඊට ප්‍රථම ශ්‍රි ජයවර්ධනපුර රෝහලේදි සිගිත්තාගේ ශෛල්‍යයකර්මය සිදු කිරිමට රු ලක්ෂ 8 ක මුදලක් වැය වන බවට වෛද්‍යයවරුන් විසින් තමන් වෙත දැනුම් දුන් බව ඇය ප්‍රකාශ කළේය.

ආර්ථික තත්ත්වය මත එපමණ මුදලක් සොයාගැනිමට නොහැකි නිසා තමන් ජනාධිපති අරමුදලින් ප්‍රතිපාදන ලබා ගැනිමට කටයුතු කර ඇතත් එම මුදලද මෙතෙක් ලැබි නොමැත.

සිගිත්තාගේ ජිවිතය බේරා ගැනිමට කිසියම් කෙනෙකු හෝ පිරිසක් ඉදිරිපත් වන්නේ නම් නාවලපිටිය සම්පත් බැංකු ශාඛාවේ ඉතිරි  කිරිම් අංක 119 55 60 69 479 මුදල් බැර කර හෝ  තම සිගිත්තාගේ ජිවිතය බේරා ගැනිමට ඉදිරිපත් වන අයෙකු වේ නම්  054 56 87 398 දුරකථන අංකයට අමතන ලෙස නයනි කුමාරි මහත්මිය පින්වත් සියළු දෙනාගෙන්  ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

නවීන් දිසානායකගේ නුවර එළියේ සියලු බලකණු සමගි ජන බලවේගය සමග එක්වේ. (Photos)

නවීන් දිසානායකගේ නුවර එළියේ සියලු බලකණු සමගි ජන බලවේගය සමග එක්වේ. එක්සත් ජාතික පක්ෂයේ නුවර එළිය දිස්ත්‍රික් අපේක්ෂක නවීන්...

අලියාගෙන් මාතරට ඉල්ලන ලැයිස්තුවේ තුන් වෙනියාත් පොහොට්ටු පක්ෂයට යයි.චන්දෙන් පස්සේ රනිලුත් යන බව කියයි.

මාතර දිස්ත්‍රික්කය සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග වදින, අචිර ඉලංගමගේ, පොහොට්ටු පක්ෂයට සහාය පල කිරීම සදහා එජාපය අත් හැර ගොස්...

ඡන්දය සලකුණු කිරීමට තමන්ගේම පෑනක් භාවිත කළ හැකියි – මැතිවරණ කොමිෂන් සභාව

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද දායකයින්ට ඡන්දය සලකුණු කිරීම සඳහා, අවශ්‍යනම් තමන්ගේම පෑනක් භාවිත කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.එම...

රත්නපුර දිස්ත්‍රික් පොහොට්ටුවේ අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම...

Recent comments