Home උනුසුම් පුවත් රට පුරාම රෝහල් වල බෙහෙත් හිගයක්. ජනපති නිහඩයි.

රට පුරාම රෝහල් වල බෙහෙත් හිගයක්. ජනපති නිහඩයි.

Author

Date

Category

මේ වනවිට රජයේ රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළුව දැඩි ඖෂධ හිඟයක් පවතින බව වාර්තා වේ. 

වෛද්‍යවරුන් විසින් ලියාදෙන බෙහෙත් තුණ්ඩු ඖෂධ නිකුත් කරන ස්ථානය කරාගෙන ගියවිට එයින් කොටසක් පිටින් මිලදී ගන්නා ලෙස අනිවාර්යයෙන්ම ඔවුන් පවසන තත්වයක් උද්ගතව ඇති බවත් මහජන අයිතීන් සුරැකීමේ පදනමේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා (17) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබිණි. 

“මේ වනවිට බෙහෙත් හිඟයක් ඇවිල්ලා තිබෙනවා. හැබැයි ඔය බෙහෙත් හිඟය කලින් තිබුණා නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෙනත් සංගම් හිටපු සෞඛ්‍ය ඇමතිවරයාව නොමරා මරණවා. 

ජාතික රෝහලට මං පෙරේදා ගියා. පෙරේදා දිනයේදී ඕපීඩී එකෙ ලියාදෙන බෙහෙත අතෙන්ට ගියාට පස්සෙ බෙහෙත් දෙකක් තුනක් අඩුයි. මේවා සාක්ෂි සහිතව වීඩියෝ සහිතව ඉදිරි දිනයකදී මාධ්‍ය හමුවේ අපි හෙළිදරව් කරනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

1 COMMENT

  1. නන්දසේනට ආපු ගමන් මැජික් බැ කියල අපි කවුරුත් දන්නවා. ඒ ගැන තර්කයක් නැ. එත් නන්දසේනට තාම පොඩි හරි මැජික් එකක් දාගන්න බැ කියන්නේ, ඒක නන්දසේනගේ දේශපාලනිකව පට්ටම Fail Seen එකක්.
    ඒකට කියන්නෙ නොහැකියාව කියල..
    මේ දින 100ට මෙහෙම Fail නම් ඉදිරි වසර 5 ත් හිතාගත්ත හැකි නේද ?

    ගිය වසර 5 ක් පුරාවටම රනිල් විවෙචනය කරන කුමන පක්ශයක චරිතයක් වුවත්, රනිල්ගේ දින 100 ත් එදා විහිලුවකට ගත්ත අයටත් අද තේරුම් ගිහිල්ල ඉවරයි, රනිල් කියන්නෙ දේශපාලනිකව සුලු සුලු වැරදි තිබුනත් සහ වර්තමාන ලංකා ජඩ දේශපාලනයේ පට්ටම පට්ට පොරක් නොවුනත් නන්දසේනට සාපේක්ශව නම් පට්ටම පොරක් යන වග..

    අද නන්දසේනට මහින්ද ඉන්නවා වගේ එදා රනිල්ට හිටියෙ මහින්දල එක්ක යටි කුට්ටු Set Game එකක් Play කරපු මෛත්‍රීපාල.
    එදා රනිල් 2/3ක බලයත් නැතුව ඒ මෛත්‍රීපාල කියන වෘකයත් එක්ක සුලුතර ආන්ඩුවක් යටතේ කරපු දේවල් බලද්දි නන්දසේනට රනිල් එක්ක හැරෙන්නවත් බැ..
    නන්දසෙන දන්න දෙය නම් 2/3 නැ කිය කිය කඩේ ගිහින් පොලේ ගිහින් කහ ඉරෙන් පැනල ගෙදර යන්න පමණයි කියල ඔහු මේ දිනවල අපිට පෙන්නලත් ඉවරයි.
    රනිල් දින100 ඇතුලත 2/3 බලය තිබිලද රු. 167 තිබුනු තෙල් රු. 117 දුන්නෙ..?
    ගැස් මිල පහතට දාල බඩුමිල වැඩි නොකර රජයෙ සේවකයන්ට පඩි රු. 10000/= ක් වැඩි කරල දුන්නෙ..?
    මහ නය කන්ද ගෙවාගෙන ආවේ…?
    රටේ ජාතීන් අතර මනා සන්හින්දියාවක් ඇති කරගෙන, ජාත්‍යන්තරයත් බැලන්ස් කරගෙන ආවේ…?
    වැඩ දන්න මිනිහට බහුතර බලය අවශ්‍යම නැ කියල රනිල් එදා ඔප්පු කරලම පෙන්නල නේද?

    නන්දසේන දින 100ට පෙන්නුවේ නන්දසෙනගේ නොහැකියාවමයි නේද ?
    තිත්ත උනත් ඇත්ත එයයි..

    අවුරුදු 70 දේශපාලනයේ මෙතරම් බොරු, බෙගල් ගහල, ජාතිවාදය, ආගම් වාදය අවුලවල, ඒ බොරු බෙගල් ඇස් පනාපිටම ඉතාම සුලු කාලයකින් එලිවුනු, බලයට ඇවිත් දින 100ක් යන්නත් කලින් පිරිහුනු වැඩ බැරි ජනාධිපති වරයෙක් සමග ඉන්න ආන්ඩුවක් ඉතිහාසයේම තිබුනේ නැත.
    මරිමොඩ චන්ද්‍රකා වත් මේ විදියට පච උනේ නැත..

    දැන් මහින්දත් එක්ක බැ කියල මතයක් හදල නන්දසේනගේ නොහැකියාව වහනවා.
    නන්දසේනට මහින්දත් එක්ක බැ නම්,
    තමන්ගෙ පවුලෙ මිනිස්සු පස් හය දෙනා පාලනය කරගන්න බැරි නන්දසේන කොහොමද කෝටි දෙකක ජනතාවක් පාලනය කරන්නේ කියල සාධාරන තර්කයක් එනවා.

    දැන් කියයි අප්‍රේල් වලින් පස්සෙ බලමු කියලා.
    අප්‍රේල් වලින් පස්සෙ 2/3 බලය අරන් වියතුන් දාල, මහින්ද එලවයි කියල සිගිති නොමෙරු සිහිනයක රටම අන්දල කියල අපි නම් දන්නවා.
    දැන් මහින්ද එක්ක බැ කියල කවුරු හෝ කියනවා නම්.
    අප්‍රේල් චන්දයෙන් පසුවත් පොහොට්ටුවෙන් Nominate කරල තියෙන්නෙ අගමැතිකමට මහින්ද නම් එන අවුරුදු 5ත් මහින්ද නිසා නන්දසේනට බැ.
    සරලම කතාව දැන් මහින්ද එක්ක බැ නම් ඉතුරු 5 ත් බැම තමයි.
    එදා රටම දැක්ක වසර 10ක අයියා මලෝ සමග හොරු 40 එක්ක කරපු පාලනයම තමයි නැවත ඇවිල්ලා තියෙන්නේ.
    ජාතියේ වාසනාවට අප්‍රේල් වලින් පසුව මේ බොරුවෙන්ම රජ වු දුර්දාන්ත,විහිළු පාලනය නැවත නොඒවායි ප්‍රාර්තනා කරමු.

    නන්දසේන ඉතිහාසගත වෙන්නේ, නියැන්ඩතාල් මානවයගෙ කාලේ හිටපු ජාති ආගම්වාදී සත්තු ටිකක් හෝමෝ සේපියන් සේපියන්ස් බවට මාස තුනක් ඇතුළත පරිණාමය කරා කියන එක එක්ක.
    මේක ඓතිහාසික වැඩක්. ඒ Credit එක අවංකවම නන්දසෙනට දිය යුතුමයි..!!!
    සිංහ ලේ ,අර ලේ,මේ ලේ,වද බ්‍රා,වද ජංගි,මද්‍රසා පාසල්,වද කොත්තු,විල්පත්තු වලින් පසුගිය වසර 5 පුරා හැමිනිචිච උන්ගේ සහඡීවනය අද වෙද්දි ඉතා විශ්මිතයි…
    එ නන්දසේන නිසාමයි..
    අනිත් සියලු පැතිවලින් නන්දසෙන Non Stop Back To Back Daily චොප්පම චොරෙ චොර…එකට මහින්ද පාවදිම නම් පට්ට Jork එකක්.
    ඒ නිසාම
    අද ..මේ දින 100 නම් විනෝද සමයක් වෙලා රටටම.👎
    මොනවා උනත්,
    පැතුමක් තියනවා…ඒ..

    2025 නාමල් වෙනුවෙන් නම් නැවත සහරාන් කෙනෙක් බිහි නොවෙවා යන්නයි….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

ජාතික බලවේග වලට 20 සම්මත වූ දිනය ශෝක දිනයක්.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ ඔක්තෝම්බර් 22 දින ජාතික ශෝක දිනයක් බව වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.

රනිල් ජාතික ලැයිස්තු මන්ත්‍රීව පත් කිරීමට යයි.

පසු ගිය මහ මැතිවර්ණයෙන් රනිල් ප්‍රමුඛ එජාපයට ලද එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා පුද්ගලයෙකු නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

විපක්ෂයේ මුස්ලීම් මන්ත්‍රීවරුන්ගේ පිහිටෙන් 20 සම්මත කර ගනී.

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියැවීම වැඩි ජන්ද 91 කින් මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

Recent comments