රනිල් ජාතික ලැයිස්තු මන්ත්‍රීව පත් කිරීමට යයි.

85

පසු ගිය මහ මැතිවර්ණයෙන් රනිල් ප්‍රමුඛ එජාපයට ලද එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා පුද්ගලයෙකු නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි වාර්ථා වේ.

එ ඊයේ දිනයේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසුවය.

මෙරට දේශපාලනය විචාරකයන් පවසා සිටින්නේ රනිල් වික්‍රමසිංහ සැබෑ ලෙසම 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ අයෙක් නම් පෙරදීම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පුද්ගලයෙකු නම් කොට ඔහුට පාර්ලිමේන්තුව තුල 20ට එරෙහිව හඩ නැගීමටත්, විරුද්ධව චන්දය දීමටත් කටයුතු කරනු ඇතැයි කියාය.

නමුත් රාජපක්ෂලාගේ ජයග්‍රාහණය තම පරම දේශපාලන අභිලාෂය කර ගත් රනිල් වික්‍රමසිංහ තමන් සහ රාජපක්ෂලා අතර පවතින ඩීල් එක නිසා ජාතික ලැයිස්තුවෙන් කෙනෙකු පත් නොකර 20ට එරෙහි සටන මග හැරිය බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here