Home උනුසුම් පුවත් සමීක්ෂණා වාර්තා රනිල්ගේ අතට. රනිල් පරාජය පිලිගනියි.ඉරිදා රනිල්-සජිත් පෞද්ගලික හමුවක්

සමීක්ෂණා වාර්තා රනිල්ගේ අතට. රනිල් පරාජය පිලිගනියි.ඉරිදා රනිල්-සජිත් පෞද්ගලික හමුවක්

Author

Date

Category

එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් අද අරලිය ගහ මන්දිරයේ පැවති සාකාඡ්චාවේදී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “මම ඉල්ලනවා” යැයි සදහන් කර අති බවත් ඔහු එලබෙන ජනාධිපතිවරනයේදී නිසැක වශයෙන්ම ජනාධිපතිවරනයට ඉදිරිපත් වෙන බව ත් සදහන් කරමින් වෙබ් පිටු කිහිපයක් අසත්‍ය පුවතක් සමාජ ගත කර ඇති බව එජාප ජේෂ්ඨ සාමාජිකයෙක් අප වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා…

ජේෂ්ඨයන් කිහිප දෙනෙකු පමණක් සහභාගි වූ මෙම රස්වීමේදී සාකච්චාවට භාජනය වී ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී එජාපයෙන් අපේක්ෂකයෙකු නම් කිරීමේදී පක්ශයේ බෙදීමක් ඇති නොවන ආකාරයට අපේක්ෂකයෙකු නම් විය යුතු බවයි. එහිදී පක්ෂය විසින් සිදු කරන ලද ස්වාධීන සමීක්ෂණ වාර්තා ගරු අගමැති තුමන්ට පිලිගන්වා ඇති අතර එම සමීක්ෂණ වාර්තා ගැන දීර්ඝ පැහදිලි කිරීමක් පක්ශයේ ජේෂ්ඨයන් විසින් සිදු කර ඇත .

සාක්ච්චාවට බදුන් වූ සියලු සමීක්ෂණ වාර්තා අනුව සජිත් ප්‍රෙමදාස මහතා ඉතා පැහදිලි ලෙස ඉදිරියෙන් ඇති බව මෙහිදී අගමැතිවරයාට දන්වා ඇති අතර. රැස්වීමට සහභාගී වූ බහුතරයක්ගේ ඉල්ලීම වී තිබුනේ මෙම ගැටලුව විසදා ගැනීම සදහා රනිල්-සජිත් දෙපල තනිව මුණගැසිය යුතු බවයි… මෙම ඉල්ලීමට සාවදානව ඇහුම්කම් දුන් අගමැති රනිල් ඉරිදා දින සජිත් ප්‍රෙමදාස මහතාව මුණ ගැසීමට අපේක්ෂා කරන බව පක්ෂයේ ජේෂ්ඨයන් හමුවේ ප්‍රකාශ කර ඇත.

1 COMMENT

  1. දීර්ග.කාලයක්.පැරදුන.u.n.p.ය.ගොඩගැනීමට.නව.නායකත්වයඅපේක්ෂකයෙක්අවශක්වුවමනායිඵයට.සජිත්මැතිතුමාසුදුසුයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

ජාතික බලවේග වලට 20 සම්මත වූ දිනය ශෝක දිනයක්.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ ඔක්තෝම්බර් 22 දින ජාතික ශෝක දිනයක් බව වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.

රනිල් ජාතික ලැයිස්තු මන්ත්‍රීව පත් කිරීමට යයි.

පසු ගිය මහ මැතිවර්ණයෙන් රනිල් ප්‍රමුඛ එජාපයට ලද එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා පුද්ගලයෙකු නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

විපක්ෂයේ මුස්ලීම් මන්ත්‍රීවරුන්ගේ පිහිටෙන් 20 සම්මත කර ගනී.

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියැවීම වැඩි ජන්ද 91 කින් මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

20ට විරුද්ධව සජිත්ගෙන් ඓතිහාසික ප්‍රකාශයක්.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින සිදු කරන ලද දේශනය පහතින්

Recent comments