Home උනුසුම් පුවත් සයින්දමරුදු වලට නගර සභාවක් දීම දේශද්‍රෝහි ක්‍රියාවක්. වියත්මගේ වසන්ත බණ්ඩාර කියයි.

සයින්දමරුදු වලට නගර සභාවක් දීම දේශද්‍රෝහි ක්‍රියාවක්. වියත්මගේ වසන්ත බණ්ඩාර කියයි.

Author

Date

Category

සයින්දමරුදු ප්‍රදේශය සඳහා වෙනම පළාත් පාලන ඒකකයක් පිහිටුවීම මුස්ලිදුම්වාදීන්ගේ ඉල්ලීමක් බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසනවා. එය දශක ගණනාවක් තිස්සේ මුස්ලිම් බෙදුම්වාදීන් ඉදිරිපත් කළ ඉල්ලීමක් බවත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය පළමු වරට මෙම ප්‍රදේශයට වෙනම පාලන ඒකකයක් ඉල්ලා සිටියේ 1987 වසරේදී බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙනවා.

ජාතික සංවිධාන එකමුතුව විසින් අද ‍(18) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුව අමතමින් වසන්ත බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

පළාත් සභා පිහිටුවීමෙන් පසුව උතුරු-නැගෙනහිර පළාත් සභා ඒකාබද්ධ කිරීමේදී මුස්ලිම් ජනතාව පදිංචිව සිටින ප්‍රදේශ වෙන්කර එම ප්‍රදේශ දකුණු නැගෙනහිර ලෙස වෙනම පළාත් සභාවක් පිහිටුවන ලෙස මුස්ලිම් කොන්ග්‍රසය ඉල්ලා සිටි බවත් එම දකුණු නැගෙනහිර පළාත් සභාවේ තීරණාත්මක භූමිය සයින්දමරුදු ප්‍රදේශය බවත් වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙනවා.

බෙදුම්වාදය වෙනුවෙන් බරපතල ලෙස පෙනී සිටි රනිල් වික්‍රමසිංහ මහතා හෝ මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ හරහා මුස්ලිම් බෙදුම්වාදීන්ට දිනාගත නොහැකි වූ ඉල්ලීම් වත්මන් ආණ්ඩුව යටතේ දිනා ගැනීමට ඔවුන් සමත් වී සිටින බව පෙන්වා දෙන වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මුස්ලිම් බෙදුම්වාදීන්ගේ උගුලේ සිර වී ඇති බවයි.

lankanewsweb

1 COMMENT

  1. Definitely Ranil is not a successful Leader we are strong UNP family we really desperate about Ranil He should Take entire responsibility Kept Our party in this standard. Should leave from leadership immediately

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

ජාතික බලවේග වලට 20 සම්මත වූ දිනය ශෝක දිනයක්.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ ඔක්තෝම්බර් 22 දින ජාතික ශෝක දිනයක් බව වෛද්‍ය වසන්ත බණ්ඩාර පවසයි.

රනිල් ජාතික ලැයිස්තු මන්ත්‍රීව පත් කිරීමට යයි.

පසු ගිය මහ මැතිවර්ණයෙන් රනිල් ප්‍රමුඛ එජාපයට ලද එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා පුද්ගලයෙකු නම් කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

විපක්ෂයේ මුස්ලීම් මන්ත්‍රීවරුන්ගේ පිහිටෙන් 20 සම්මත කර ගනී.

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියැවීම වැඩි ජන්ද 91 කින් මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

20ට විරුද්ධව සජිත්ගෙන් ඓතිහාසික ප්‍රකාශයක්.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින සිදු කරන ලද දේශනය පහතින්

Recent comments