Home ප්‍රදාන පුවත් ශානි ආණ්ඩුවේ දේශපාලන දඩයමේ තවත් ගොදුරක්..! සියළු ප්‍රජාතන්ත්‍රවාදීන් ඊට එරෙහිව පෙළ ගැසෙන්න..!!...

ශානි ආණ්ඩුවේ දේශපාලන දඩයමේ තවත් ගොදුරක්..! සියළු ප්‍රජාතන්ත්‍රවාදීන් ඊට එරෙහිව පෙළ ගැසෙන්න..!! සමගි ජන බලවේගයෙන් ඉල්ලීමක්.

Author

Date

Category

ශානි ආණ්ඩුවේ දේශපාලන දඩයමේ තවත් ගොදුරක්..! සියළු ප්‍රජාතන්ත්‍රවාදීන් ඊට එරෙහිව පෙළ ගැසෙන්න..!! සමගි ජනබලවේගයෙන් ඉල්ලීමක්.

ශ්‍රී ලංකාව මෙතෙක් බිහිකළ අති දක්ෂ රහස් පරීක්ෂකයා ශානි අබේසේකර ව්‍යාජ චෝදනා නගා අත් අඩංගුවට ගැනීම ආණ්ඩුවේ දේශපාලන දඩයමේ තවත් ගොදුරක් බවත්, රටේ සියළුම ප්‍රජාතන්ත්‍රවාදීන්ට සහ නීතිය සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන සියළු බලවේග වලට ඊට එරෙහිව එරෙහිව පෙළ ගැසෙන මෙන් ආයාචනා කරමින් ජාතික සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ගේ අත්සනින් ඊයේ නිකුතර කරන ලද එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

ආණ්ඩුවේ දේශපාලන දඩයමට තවත් ගොදුරක්..!

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අත් අඩංගුවට ගත් බව වාර්තා වේ.ශානි අබේසේකර මහතා අත් අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිපුද්ගල මහාධිකරණයක විභාග වූ නඩුවකට අවශ්‍ය වූ සාක්ෂි ගොතන ලදැයි චෝදනාවක් එල්ල කරමිනි.

කෙසේ වුවද මෙම නඩුවේ දී ඉදිරිපත් කළ සාක්ෂි පිළිගෙන අධිකරණය විසින් විත්තිකරු වරදකරු බවට පත් කර ඇත. එය අභියාචනාධිකරණය විසින්ද තහවුරු කර ඇත.පසුගිය කාල සීමාව තුළ රජයට සම්බන්ධ බලවත් පුද්ගලයින් පිළිබඳව වූ විවිධ විමර්ශන කටයුතු නිර්භීතව සිදු කිරීම නිසා වර්තමාන පාලකයින්ගේ උදහසට ශානි අබේසේකර මහතා පත්ව සිටි බව ප්‍රසිද්ධ රහසකි. රජය බලයට පත්වූ වහාම ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කොට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ පෞද්ගලික සහකාරයෙකු ලෙස පත් කිරීම තුළින්ම ඒ බව පැහැදිලි ය.

අවසානයේ දී වැඩ තහනමට ලක් වූ ඒ මහතා සැලසුම් සහගත ලෙස අත් අඩංගුවට ගත් බව පැහැදිලි ය. මෙය සමස්ථ පොලිස් සේවයේම අවධානයට යොමුවිය යුත්තකි. ඍජුව සහ නිවැරදිව වැඩ කරන නිලධාරීන්ට අත්පත් වන මෙම කණගාටුදායක ඉරණම නීතිගරුක නිලධාරීන්ට දල්වන රතු එළියකි.ස්වාධීන පොලිස් කොමිසම පිහිටුවමින් පොලිසියට ලබා දුන් ස්වාධීනත්වය අද වන විට බරපතල තර්ජනයකට මුහුණ පා ඇත.

මැතිවරණ සමයක දී මෙවැනි තීරණ තීන්දු ගන්නා ආණ්ඩුවක් බලය ලබා ගත හොත් කුමක් සිදු කරයිද? ප්‍රජාතන්ත්‍රවාදය නීතියේ ස්වාධිපත්‍යය නීති හා සාමය පිළිබඳව දල්වන අනතුරුදායක සංඥාව වටහා ගැනීම වැදගත් වේ.මෙම අත් අඩංගුවට ගැනීම සමගි ජන බලවේගය පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර මෙයට එරෙහිව පෙළ ගැසෙන මෙන් රටේ සියළුම ප්‍රජාතන්ත්‍රවාදීන්ට සහ නීතිය සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන සියළු බලවේග වලට ආයාචනා කරමු.

රංජිත් මද්දුමබණ්ඩාර

මහලේකම් – සමගි ජන බලවේගය.

2021 ජූලි 31

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (18) සිට 27 වනදා දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.ඒ අනුව මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පොත්...

සියැටල් සහ මෙරට වන විනාශය. චමිත් විජේසුන්දර.

” මෙම ජීවන ජාලයට යම් බලපෑමක් කරයි ද, හෙතෙම එය තමන්ට ම සිදුකරගත්තා වේ” සහ  “දිගින් දිගටම ඔබ සැතපී සිටින මේ යහන...

20 සම්මත වෙන්න දෙන්න එපා. විගණන නිළධාරීන් සජිත්ගෙන් ඉල්ලයි.

අද දින(17) ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ විධායක කමිටු සමාජිකයන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව මුණ ගැසිණි.ඊට අදාලව විපක්ෂ නායක සජිත්...

හිරු, දෙරණ සහය රුවන්ට. මහින්ද පොරොන්දු වේ.

හිරු, දෙරණ සහය රුවන්ට. මහින්ද පොරොන්දු වේ. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරට පත් රුවන් විජේවර්ධන මහතා හට හිරු,...

කෝප් සහ කෝපා කමිටු සාමාජිකයන් නම් කෙරේ

පාර්ලිමේන්තුවේ පළමු වැනි සභාවාරයේ දී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකයින් තෝරා පත් කර...

Recent comments