Home උනුසුම් පුවත් විමල් කැමති නෑ බැසිල් පාර්ලිමේන්තුවට එනවට. බැසිල්ගේ හිතවතා කියයි.

විමල් කැමති නෑ බැසිල් පාර්ලිමේන්තුවට එනවට. බැසිල්ගේ හිතවතා කියයි.

Author

Date

Category

බැසිල් රාජපක්ෂ මහතාගේ සමිපතම හිතවතෙකු වන මහින්ද පතිරණ මහතා අද දින සිය ෆේස්බුක් ගිණුමේ පල කරන ලද සටහන පහතින් දැක්වේ.

20 ගැන විමල් වීරවංශ ගෙන එන විරෝධය හුදු බැසිල් විරෝධයක් විතරක් නෙමෙයි. ඒක ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ඔහුගේ ආණ්ඩුවට එරෙහිව ජනතා විරෝධයක් එල්ල කරවීම සඳහා කරන පළමු උත්සාහය කියන්න පුළුවන්.

කෙටියෙන් කිව්වොත් විමල් වීරවංශට අවශ්‍ය වෙන්නෙ එදා මහින්දල එලවන්න චම්පිකල එළියට ගිහිං කරපු දේ අද ඔහුට ඇතුලෙ ඉඳල කරන්න. මේක තමා විමල් එදා මහින්ද ආණ්ඩුවටත් කළේ. දැන් මේකට ඇතැම් “ජාතිකවාදීන්” කියන්නෙ “රට වෙනුවෙන් පෙනී ඉන්නව”. එහෙම නැත්නම් “වැරැද්ද වැරැද්ද විදියට බලනව” කියල. නිශ්චිත අර්ථකතන නැති, ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන් මේවගේ ප්‍රකාශවලින් තමා විමල් වැනි විෂ බීජ ආණ්ඩු තුළ රෝග බෝ කරන්න පදිංචි වෙලාම ඉන්නෙ.

ඒත් ඇත්තටම කරන්නෙ තමන්ගේ දේශපාලනය අරමුණ වෙත යන්න ඇත්තටම ජාතිකවාදි ආණ්ඩුව ගැන බොරු පතුරුවන එක. මේ අය ඇතුලෙ ඉඳල ඇතුළෙ සංවේදි සියුම් සීරීම් කැපුම්වලට හෙමින් හෙමින් පැසවන්න ලුණු කුඩු දානව. ඔය ජවිපෙ කරන්නෙ. ඒකෙම අනිත් පැත්ත. එතකොට ඒ තැන් දැවිල්ල දාන්න ගන්නව. දැවිල්ල නොදාන 95%ක් දේවල් ගැන අර පුංචි සංවේදි තැන්වල දැවිල්ල නිසා අමතක වෙලා යනවා. එදා මහින්ද ආණ්ඩුව මේ රටේ ත්‍රස්තවාදය නැති කරල, ආර්ථිකය හතර ගුණයකින් ඉහළ දාල රට සාර්ව ස්ථාවරත්යක් ගොඩ නැගෙන කොටම විමල්ල කළේ අර පුංචි තැන්වලට ලුණු කුඩු දාන එක. රටේ ආර්ථිකය හසුරුවන ප්‍රධානතම නිලධාරියා ආර්ථික ඝාතකය කිව්වා. සමහරු මේක පිළිගත්තා. විපක්ෂයට පුළුවන් වුනා විමල් ඇහිඳල දුන්න මේ ගල් අරගෙන ආණ්ඩුවට පෙරළා ගහන්න. ගොඩ නැගෙන රට වට්ටන්න අවශ්‍ය මුල්ම තල්ලුව දුන්නා. හැබැයි ඒ ආණ්ඩුවෙන් ගන්න පුළුවන් හැම දේම ගත්තා.

ඊට පස්සේ ගූගල් වගේ සමාගම්වලට එරෙහිව වෛරි කැම්පේන් පටන් ගත්ත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉස්සරහ ගිහිං උපවාස කළා. රට මොනකරම් අපහසුතාවට පත් වුනාද මේ ක්‍රියා හරහා. මේව සේරම කළේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් විදියට. එතකොට ජාත්‍යන්තය මේව ගත්තෙ ආණ්ඩුව කරන දේවල් විදියට. එහෙම කරල මෙහෙ දේශීය ජනතාව තුළ ආණ්ඩුව ගැන සැක උපද්දවන අතර ජාත්‍යන්තය තුළත් විරෝධයක් හදනව. ඒක තමා ක්‍රමය. දැනුත් පටන් අරගෙන තියෙන්නෙ ඒක.

ඒක පටන් ගන්නෙ 20ට එල්ල කරන විරෝධය එක්ක. මේ ඊයේ පෙරේදා වෙනකල් ද්විත්ව පුරවැසි බව පිළිබඳ විමල්ල කවදාවත් විරෝධය දක්වල තියෙනවද? කවදාවත් නැහැ. ඕක ව්‍යවස්ථාවේ තිබුණද නැද්ද කියලවත් දන්නෙ නැහැ. දැනුත් ඕක තිබුණත් නැතත් එකයි කියල මොවුන් නොදන්නවා නෙමෙයි. මේකට විරෝධය එන්නෙ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු එනව කියන එක නම්, ඒකත් පදනම් විරහිතයි. බැසිල් මහතා පැහැදිලි ව කියල තියෙනව ඔහු පාර්ලිමේන්තු නොඑන බව.

ජනාධිපති කාර්යාලය විගණනයෙන් ඉවත් කළාය යන්න විමල්ල ගෙන එන ඊළඟ බොරුව. අගමැති මහින්දත් මේක පැහැදිලි කරල තිබුණ. ජනාධිපති හා අගමැති කාර්යාලය හැමදාම විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා විගණනය වුණා. දැනුත් වෙනව. හෙටත් වෙනවා. සියළු රාජ්‍ය ආයතන වගේම ඒක ජනාධිපති හා අගමැති කාර්යාලයටත් අදාළයි. 20න් වෙලා තියෙන්නෙ ජනාධිපති හා අගමැති කාර්යාලය යන රාජ්‍ය ආයතන දෙක විශේෂයෙන් සඳහන් නොවීම. සියළු රාජ්‍ය ආයතන විගණනය විය යුතුයි කියල ව්‍යවස්ථාවේ තියෙනව නම් දෙකක් විතරක් නම්වලින් ම කියන්නෙ මොකටද?

විමල්ලාගේ මේ බලලෝභී දේශපාලනය තේරුම් නොගන්න තුනෙන් දෙක නෙමෙයි මොකක් තිබුණත් ආණ්ඩුවලට වැඩක් කරන්න බැහැ. විමල්ලට ඕනෙත් ඒකම තමා.20 ගැන විමල් වීරවංශ ගෙන එන විරෝධය හුදු බැසිල් විරෝධයක් විතරක් නෙමෙයි. ඒක ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ඔහුගේ ආණ්ඩුවට එරෙහිව ජනතා විරෝධයක් එල්ල කරවීම සඳහා කරන පළමු උත්සාහය කියන්න පුළුවන්. කෙටියෙන් කිව්වොත් විමල් වීරවංශට අවශ්‍ය වෙන්නෙ එදා මහින්දල එලවන්න චම්පිකල එළියට ගිහිං කරපු දේ අද ඔහුට ඇතුලෙ ඉඳල කරන්න. මේක තමා විමල් එදා මහින්ද ආණ්ඩුවටත් කළේ. දැන් මේකට ඇතැම් “ජාතිකවාදීන්” කියන්නෙ “රට වෙනුවෙන් පෙනී ඉන්නව”. එහෙම නැත්නම් “වැරැද්ද වැරැද්ද විදියට බලනව” කියල. නිශ්චිත අර්ථකතන නැති, ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන් මේවගේ ප්‍රකාශවලින් තමා විමල් වැනි විෂ බීජ ආණ්ඩු තුළ රෝග බෝ කරන්න පදිංචි වෙලාම ඉන්නෙ.

ඒත් ඇත්තටම කරන්නෙ තමන්ගේ දේශපාලනය අරමුණ වෙත යන්න ඇත්තටම ජාතිකවාදි ආණ්ඩුව ගැන බොරු පතුරුවන එක. මේ අය ඇතුලෙ ඉඳල ඇතුළෙ සංවේදි සියුම් සීරීම් කැපුම්වලට හෙමින් හෙමින් පැසවන්න ලුණු කුඩු දානව. ඔය ජවිපෙ කරන්නෙ. ඒකෙම අනිත් පැත්ත. එතකොට ඒ තැන් දැවිල්ල දාන්න ගන්නව. දැවිල්ල නොදාන 95%ක් දේවල් ගැන අර පුංචි සංවේදි තැන්වල දැවිල්ල නිසා අමතක වෙලා යනවා. එදා මහින්ද ආණ්ඩුව මේ රටේ ත්‍රස්තවාදය නැති කරල, ආර්ථිකය හතර ගුණයකින් ඉහළ දාල රට සාර්ව ස්ථාවරත්යක් ගොඩ නැගෙන කොටම විමල්ල කළේ අර පුංචි තැන්වලට ලුණු කුඩු දාන එක. රටේ ආර්ථිකය හසුරුවන ප්‍රධානතම නිලධාරියා ආර්ථික ඝාතකය කිව්වා. සමහරු මේක පිළිගත්තා. විපක්ෂයට පුළුවන් වුනා විමල් ඇහිඳල දුන්න මේ ගල් අරගෙන ආණ්ඩුවට පෙරළා ගහන්න. ගොඩ නැගෙන රට වට්ටන්න අවශ්‍ය මුල්ම තල්ලුව දුන්නා. හැබැයි ඒ ආණ්ඩුවෙන් ගන්න පුළුවන් හැම දේම ගත්තා. ඊට පස්සේ ගූගල් වගේ සමාගම්වලට එරෙහිව වෛරි කැම්පේන් පටන් ගත්ත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉස්සරහ ගිහිං උපවාස කළා. රට මොනකරම් අපහසුතාවට පත් වුනාද මේ ක්‍රියා හරහා. මේව සේරම කළේ ආණ්ඩුවේ ඇමති කෙනෙක් විදියට. එතකොට ජාත්‍යන්තය මේව ගත්තෙ ආණ්ඩුව කරන දේවල් විදියට. එහෙම කරල මෙහෙ දේශීය ජනතාව තුළ ආණ්ඩුව ගැන සැක උපද්දවන අතර ජාත්‍යන්තය තුළත් විරෝධයක් හදනව. ඒක තමා ක්‍රමය. දැනුත් පටන් අරගෙන තියෙන්නෙ ඒක.

ඒක පටන් ගන්නෙ 20ට එල්ල කරන විරෝධය එක්ක. මේ ඊයේ පෙරේදා වෙනකල් ද්විත්ව පුරවැසි බව පිළිබඳ විමල්ල කවදාවත් විරෝධය දක්වල තියෙනවද? කවදාවත් නැහැ. ඕක ව්‍යවස්ථාවේ තිබුණද නැද්ද කියලවත් දන්නෙ නැහැ. දැනුත් ඕක තිබුණත් නැතත් එකයි කියල මොවුන් නොදන්නවා නෙමෙයි. මේකට විරෝධය එන්නෙ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු එනව කියන එක නම්, ඒකත් පදනම් විරහිතයි. බැසිල් මහතා පැහැදිලි ව කියල තියෙනව ඔහු පාර්ලිමේන්තු නොඑන බව. ජනාධිපති කාර්යාලය විගණනයෙන් ඉවත් කළාය යන්න විමල්ල ගෙන එන ඊළඟ බොරුව. අගමැති මහින්දත් මේක පැහැදිලි කරල තිබුණ. ජනාධිපති හා අගමැති කාර්යාලය හැමදාම විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා විගණනය වුණා. දැනුත් වෙනව. හෙටත් වෙනවා. සියළු රාජ්‍ය ආයතන වගේම ඒක ජනාධිපති හා අගමැති කාර්යාලයටත් අදාළයි. 20න් වෙලා තියෙන්නෙ ජනාධිපති හා අගමැති කාර්යාලය යන රාජ්‍ය ආයතන දෙක විශේෂයෙන් සඳහන් නොවීම. සියළු රාජ්‍ය ආයතන විගණනය විය යුතුයි කියල ව්‍යවස්ථාවේ තියෙනව නම් දෙකක් විතරක් නම්වලින් ම කියන්නෙ මොකටද?

විමල්ලාගේ මේ බලලෝභී දේශපාලනය තේරුම් නොගන්න තුනෙන් දෙක නෙමෙයි මොකක් තිබුණත් ආණ්ඩුවලට වැඩක් කරන්න බැහැ. විමල්ලට ඕනෙත් ඒකම තමා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

අමරපුර – රාමඤ්ඤ මහා සංඝ සභාවේ 20ට එරෙහි නිවේදනයට සමගියේ ප්‍රණාමය!

විශේෂ නිවේදනය ආණ්ඩුව විසින් ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා...

ක්‍රිකට් තරඟය පැරදුනා කියා දෝනි ගේ පස් හැවිරිදි දියණිය දූෂණය කරන බවට තර්ජනය කරයි.

පසුගිය අගහරුවාදා පැවති තරගයේ දී එම්.එස්. දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, කල්කටා නයිට් රයිඩර්ස් පිලට පරාජය වීමෙන් පසුව, දෝනීගේ පස්...

විමල් තනියෙම ඉල්ලුවොත් චන්ද 5000ක් වත් ගන්න බෑ. මහින්ද පතිරණ.

බැසිල් රාජපක්ෂ මහතාගේ සමිපතම හිතවතෙකු වන මහින්ද පතිරණ මහතා අද දින සිය ෆේස්බුක් ගිණුමේ පල කරන ලද සටහන පහතින් දැක්වේ.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් 20 ගැන හදිසි රැස්වීමක්

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට අද (09) සවස 3.00ට අරලියගහ මන්දිරයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබේ. එය ජනාධිපති...

Recent comments