Home උනුසුම් පුවත් විමල් තනියෙම ඉල්ලුවොත් චන්ද 5000ක් වත් ගන්න බෑ. මහින්ද පතිරණ.

විමල් තනියෙම ඉල්ලුවොත් චන්ද 5000ක් වත් ගන්න බෑ. මහින්ද පතිරණ.

Author

Date

Category

බැසිල් රාජපක්ෂ මහතාගේ සමිපතම හිතවතෙකු වන මහින්ද පතිරණ මහතා අද දින සිය ෆේස්බුක් ගිණුමේ පල කරන ලද සටහන පහතින් දැක්වේ.

මහින්ද සුළඟ මහින්දගෙ. වෙන කාගෙවත් නෙමෙයි. වෙන කාගෙවත් නම් ඒ මහින්ද සුළඟ වෙන්නෙ නැහැනෙ. ඒක සුලඟක් වෙන්නෙත් නිකං නෙමෙයි. කෝ එදා චන්ද්‍රිකා සුළ හැමුවද? ප්‍රේමදාස සුළඟ හැමුවද? සිරිසේන සුළඟ හැමුවද? නැහැ. එහෙනම් මහින්ද සුළඟ විතරක් ඇයි?

ඒ වෙන මොනවත් නිසා නෙමෙයි, මහින්ද බැසිල් ගෝඨාභය යන ත්‍රිත්වය එදා රට ගොඩ නගන්න දුන්න දායකත්වය නිසා. මහින්ද ඒකට මහා දැක්ම දුන්නා. ඒ දැක්ම තුළ ගෝඨාභය යුද්ධය හා ඉන්පසු නාගරික සංවර්ධනය ඇතුළු කටයුතු ක්‍රියාවට නැංවුවා. යුධ සමයේ කාවන්තිස්ස භූමිකාව කරමින් බැසිල් ආර්ථික හා දේශපාලනය ස්ථාවරත්ය පවත්වා ගන්න අතරම අන්තර්ජාතික ප්‍රජාව කළමනාකරණය කළා. මෙන්න මේ වැඩපිළිවෙළ සාර්ථක වුන නිසයි පරාජයෙන් පසු මිනිස්සු මහින්ද කියන සංකේතාත්මක නායකත්වය හොයාගෙන කාල්ටන් යන්නෙ. ඒකට කවුරුත් අණ දුන්නෙ නැහැ. ඇඬු කඳුළින් මිනිස්සු මහින්ද බලන්න ගියා. ඒ රැල්ල කොහොමත් නැගෙන්න තිබුන එකක්.

දැන් ඇතැමුන් කියනව විමල්ලලු මේක හැදුවෙ. එහෙම කියල ආණ්ඩුව ඒ අයගේ පටු වුවමනාවන්ට අනුව නටවන්න හදනව. මේක මොන සහගහන බොරුවක් ද?

විමල්ල මෙතෙන්ට එන්නෙ හුදු නළුවන් හෝ කථිකයින් විදියට විතරයි. ඒක පිටිපස්සෙ හිටියේ පසු කාලීනව ඒකාබද්ධ විපක්ෂය බවට පත් වූ මන්ත්‍රී කණ්ඩායම. ඔවුන් වේදිකාවට ආවෙ නැති එක විතරයි වුනෙ. එහෙම තමා කතා කරගත්තෙ. ඒ උපක්‍රමයක් විදියට. සිරිසේන ශ්‍රිලනිප සභාපති වෙලා නිසා ඔහුට පුළුවන් කම තිබුණා එම පක්ෂයේ අයව පක්ෂයෙන් එළියට දාන්න. එහෙම වුනා නම් පාර්ලිමේන්තුවේ හඬ මහින්දට අහිමි වෙනවා. විමල්, දිනේෂ්, වාසු ගම්මන්පිල විතරක් වේදිකාගත කළේ ඒකයි. ඒ අය වෙනත් පක්ෂවල. විනය ප්‍රශ්න එන්නෙ නැහැ. සරල ඇත්ත ඕක.මට කියන්න ඕන ඔය මහින්දගේ පුනරාගමනය කියන්නෙ කාගෙවත් එකක් නෙමෙයි. එය රාජපක්ෂලාම නිසා ඇති වූවක් කියන එක.

විමල්ට අද පාර්ලිමේන්තු යන්න පවා හැකිවෙලා තියෙන්නෙ රාජපක්ෂල නිසා. තනියම ඡන්දය ඉල්ලන්න බලන්න. ඡන්ද 5000ක් ගන්නෙ නැහැ. විමල් හිටියට අපට කමක් නැහැ. ඒත් ඇතුලෙ බොරු ප්‍රශ්න හදල ඒව එළියට ගෙනිහිං ගෝඨාභය ආණ්ඩුවටත් එදා මහින්දගෙ ආණ්ඩුවට කරපු වැඩේ කරන්න ඉඩ දෙන්න විදියක් නැහැ.

මේ ආණ්ඩුවවත් රට ගොඩගන්න බැරි වුනොත් තව කවුරුත් ගැන හිතන්න අමාරුයි. විමල්ගේ නූගත් ෆෑන් බේස් මිත්‍යාවට රැවටුනාට අපි රැවටෙන්නෙ නැහැ.විමල් මේ පොදුජන පෙරමුණ පක්ෂය හදනවට මොනතරම් විරුද්ධ වුනාද? මටම කතා කරල දොස් කියල තියෙනව. ඇයි පක්ෂ හදන්නෙ කියල. ඔහුට ඕන වුනේ මහින්ද සුලඟ ගෙනිහිං අවසානයේ සිරිසේනට එකතු කරන්න. අලුත් පක්ෂයක් හැදුවොත් ඒක කරන්න බැරි බව ඔවුන් දැනගත්තා. බැසිල් එක්ක දෙවැනි වෛරය පටන් ගන්නෙ මෙතෙන්දි. විමල්ට සිරිසේන එක්ක ඩීල් එකක් තිබුණ. ඒ අලුත් පක්ෂයක් හදන්න මහින්දට ඉඩ දෙන්නෙ නැහැ කියල. පක්ෂය හදාගෙන එනකොට සිරිසේන කිව්වෙ “අලුත් පක්ෂයක් හැදුවොත් පාරක් පාරක් ගානෙ මහින්දව ඇවිද්දනව” කියල ඒකයි. මේ සේරම එකම මහින්දට එරෙහි සැලසුමක කොටස්. මේවැයි අභ්‍යන්තරය මම හොඳට දන්නව. පක්ෂය හැදුවට පස්සෙත් මේක අතහැරියෙ නැහැ. ශ්‍රීලනිපයෙන් පිරිසක් ඇතුළට ගන්න වෙන තැනට මතයක් හැදුවෙ ඒකයි. නලින් ද සිල්වත් සැලසුමේ හිටිය. එතෙන්දිත් ඔවුන්ට වුවමනා වුනේ මහින්දගෙ බලය බිඳල අලුත් පක්ෂයේ බලය සිරිසේන ඇතුළු ශ්‍රිලනිපයටත් ලැබෙන විදියට පාර කපන්න. ඊට පස්සෙ තමා විමල්ල නලින් ද මහින්දට බල කළේ සිරිසේනත් එක්ක එකට ඡන්දය ඉල්ලන්න කියල. එතෙන්දි සිරිසේනට වුවමනා වුනේ මහින්දට වෙනම බලයක් නැහැ, තමන් නිසයි පළාත් පාලන මැතිවරණ දිනුවේ කියල මතයක් හදන්න. මේව ඇත්ත. සිදු වුනු දේවල්. කොහොමහරි එදා පුංචි ඡන්දය දිනුවට පස්සෙ නලින් ල ගෙනිච්ච ප්‍රචාරය මතකද? පොදුජන පෙරමුණ දිනුවත් පරාදයි කිව්වා. ප්‍රතිශතය මදි කිව්වා. ජයග්‍රහණය හෑල්ලු කළා. පුංචි ඡන්දයක ඡන්ද ප්‍රතිශතය ඉතාම අවම බව ඕනෑම කෙනෙක් දන්නව. අනික ඉතිහාසය පුරාම පුංචි ඡන්ද දිනල තියෙන්නෙ පවතින ආණ්ඩු. ඒවන් පසුබිමක ඒ මහා ජයග්‍රහණය විමල්ල නලින්ල හෑල්ලු කළේ. සිරිසේනගෙ වුනමනාවට. ඇත්තටම ඔය කාටවත් ගෝඨාභය ගේන්න අවශ්‍යතාවක් තිබුනෙ නැහැ. ඒ අයගේ අපේක්ෂකයා සිරිසේන. තව ලියන්න පුළුවන්. කමිමැලියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

අමරපුර – රාමඤ්ඤ මහා සංඝ සභාවේ 20ට එරෙහි නිවේදනයට සමගියේ ප්‍රණාමය!

විශේෂ නිවේදනය ආණ්ඩුව විසින් ගෙන එන්නට උත්සාහ කරන විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා...

ක්‍රිකට් තරඟය පැරදුනා කියා දෝනි ගේ පස් හැවිරිදි දියණිය දූෂණය කරන බවට තර්ජනය කරයි.

පසුගිය අගහරුවාදා පැවති තරගයේ දී එම්.එස්. දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, කල්කටා නයිට් රයිඩර්ස් පිලට පරාජය වීමෙන් පසුව, දෝනීගේ පස්...

විමල් තනියෙම ඉල්ලුවොත් චන්ද 5000ක් වත් ගන්න බෑ. මහින්ද පතිරණ.

බැසිල් රාජපක්ෂ මහතාගේ සමිපතම හිතවතෙකු වන මහින්ද පතිරණ මහතා අද දින සිය ෆේස්බුක් ගිණුමේ පල කරන ලද සටහන පහතින් දැක්වේ.

ජනපතිගේ ප්‍රධානත්වයෙන් 20 ගැන හදිසි රැස්වීමක්

20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට අද (09) සවස 3.00ට අරලියගහ මන්දිරයේදී හදිසි රැස්වීමක් කැඳවා තිබේ. එය ජනාධිපති...

Recent comments