Home ප්‍රදාන පුවත් ඒලියන්ත වයිට්ගෙන් ප‍්‍රතිකාර ගැනීම ගැන ලසිත් මාලිංගගෙන් CID ප‍්‍රශ්න කිරීමක්..? පොදු දේපල...

ඒලියන්ත වයිට්ගෙන් ප‍්‍රතිකාර ගැනීම ගැන ලසිත් මාලිංගගෙන් CID ප‍්‍රශ්න කිරීමක්..? පොදු දේපල අවභාවිතය යටතේ නීතිය..?

Author

Date

Category

එක්දින පිටියෙන් සමුගත් සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉදිරි දිනකදී දී රහස් පොලිසිය විසින් ප්‍රශ්න කිරීමේ තත්ත්වයක් ඇතිවිය හැකි බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

පසුගිය රජය සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික වෛද්‍යවරයා ලෙස කටයුතු කළ ඒලියන්ත වයිට් මහතාගෙන් ප්‍රතිකාර ගැනීමේදී රාජ්‍ය දේපළ අවභාවිතාවක් සිදුව ඇත්දැයි ප‍්‍රශ්න කරනු ඇතැයි වර්තමානය රහස් පොලිසිය කටයුතු කරන ආකාරයෙන් පෙනී යන බවද ඔහු සඳහන් කළේය.

ඒ නිසා ඒලියන්ත වයිට් වෛද්යවරයා මුණගැසීමට ගිය දින වකවානු, ගෙවූ මුදල්, ආ ගිය වාහන ආදී සියළු තොරතුරු සූදානම් කර තබා ගන්නා ලෙස ද ලසිත් මාලිංගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

ඒ අනුව ලසිත් මාලිංග ද ඉදිරියේ දී පොදු දේපළ අවභාවිතය චෝදනාවලට ලක්විය හැකි තත්වයක් මතු වී ඇති බව පෙනෙන බව ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටී.

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂිෆි සහබ්දීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාකරන ආකාරය අනුව මෙවන් තත්ත්වයක් උදාවිය හැකි බවද ඔහු සඳහන් කළේය.

ඒලියන්ත වයිට්ගෙන් ප‍්‍රතිකාර ගැනීම ගැන ලසිත් මාලිංගගෙන් CID ප‍්‍රශ්න කිරීමක්..? පොදු දේපල අවභාවිතය යටතේ නීතිය..?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Recent posts

නවීන් දිසානායකගේ නුවර එළියේ සියලු බලකණු සමගි ජන බලවේගය සමග එක්වේ. (Photos)

නවීන් දිසානායකගේ නුවර එළියේ සියලු බලකණු සමගි ජන බලවේගය සමග එක්වේ. එක්සත් ජාතික පක්ෂයේ නුවර එළිය දිස්ත්‍රික් අපේක්ෂක නවීන්...

අලියාගෙන් මාතරට ඉල්ලන ලැයිස්තුවේ තුන් වෙනියාත් පොහොට්ටු පක්ෂයට යයි.චන්දෙන් පස්සේ රනිලුත් යන බව කියයි.

මාතර දිස්ත්‍රික්කය සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග වදින, අචිර ඉලංගමගේ, පොහොට්ටු පක්ෂයට සහාය පල කිරීම සදහා එජාපය අත් හැර ගොස්...

ඡන්දය සලකුණු කිරීමට තමන්ගේම පෑනක් භාවිත කළ හැකියි – මැතිවරණ කොමිෂන් සභාව

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද දායකයින්ට ඡන්දය සලකුණු කිරීම සඳහා, අවශ්‍යනම් තමන්ගේම පෑනක් භාවිත කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.එම...

රත්නපුර දිස්ත්‍රික් පොහොට්ටුවේ අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකරට මරණ දඬුවම.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලි ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම...

Recent comments